ලිංගික අතවර චෝදනා ලැබු ධනුෂ්ක අධිකරණයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කාන්තාවකට ලිංගික අතවර කිරිමේ චෝදනාවකට ඔස්ට්‍රේලියාවේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය

ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර රෝස් බේ හි නිවසක දී 29 හැවිරිදි තරුණියකට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාව ඇතුළු තවත් ලිංගික චෝදනා 04කට එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙන බව එම වාර්තා සඳහන් කළේය

ඔහු අද පොලිසිය විසින් පැරමැට්ටා අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තාවේ.

20/20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාව ට ගිය ගුණතිලක එහිදී තුවාල ලැබීය.නමුත් ඔහුව එහි තබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබුණි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ එංගලන්තය සමග තරග කළ අතර ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එම තරගයෙන් අනතුරුවය.

Werzuo Digital

Leave a Reply