ඔමික්‍රෝන්වලට වඩා ප්‍රබල කොවිඩ් විකෘතියක් ප්‍රංශයෙන්

ප්‍රංශයෙන් නව කොවිඩ් විකෘති ප්‍රභ්දයක් හමුවී ඇතැයි එරට සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය..

මෙම නව විකෘතිය ප්‍රංශ සෞඛ්‍ය අංශ විසින් B.1.640.2 සහ IHU යනුවෙන් හඳුන්වා තිබේ.

දකුණු ප්‍රංශයේ වරාය නගරයක් වන Marseilles අසල ප්‍රදේශයක ජීවත් වන පුද්ගලයින් 12 දෙනෙකුට එය ආසාදනය වී ඇති බව සොයා ගෙන ඇති බවත් IHU විකෘතිය සම්බන්ධයෙන් සම්පූර්ණ දත්ත වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත යොමු කළ බව ද ප්‍රංශ සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් එම වාර්තා සඳහන් කලේය..

අධ්‍යයන වාර්තා අනුව මෙම නව විකෘතිය නිර්මාණය වී ඇත්තේ තවත් නව විකෘති 46 මුසුවීමෙනි. ඒ අනුව, මෙම නව විකෘතිය ‘ඔමික්‍රෝන්’ අභිබවා යන බව වෛද්‍ය විද්‍යා සඟරාවක් උපුටා දක්වමින් එහි සදහන්ය.

කෙසේ නමුත් කොවිඩ් IHU විකෘතියේ ආරම්භය සිදුවී ඇත්තේ ප්‍රංශයෙන් ද නැතිනම් මධ්‍යධරණී රටකින් ද යන්න සම්බන්ධයෙන් ප්‍රංශ වෛද්‍ය පර්යේෂකයන් අතරේ සැකයක් පවතී.

Werzuo Digital

Leave a Reply