කොරෝනාව මාරාන්තික වීමට හේතුවන ජානයක් හඳුනාගැනේ

කොරෝනා වෛරසය ආසාදනය වූවන් අසාධ්‍ය තත්වයට පත්වීම සහ මියයාමට හේතුවන ජානයක් පෝලන්ත වෛද්‍ය විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙන බව මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම ජානය සහිත පුද්ගලයන්ට වෛරසය ආසාදනය වූ විට කොරෝනා රෝගය උත්සන්න වියහැකි බව පෝලන්තයේ බියලිස්ටොක් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් අනාවරණ කරගෙන ඇත.

යුරෝපයේ ජනගහණයෙන් සියයට 9ක මෙන්ම පෝලන්ත ජනගහණයෙන් සියයට 14ක මෙම ජානය පවතින බව හෙළි වී තිබේ..

කෙසේ නමුත් මෙම ජානය කොරෝනාව උත්සන්න වීමේ සිව්වන හේතුව බව පෝලන්ත විද්‍යාඥයන් පෙන්වා දි තිබේ.

Werzuo Digital

Leave a Reply