ශ්‍රි ලංකාවට නිරිතදිග ඉන්දීය සාගරයේ භුමිකම්පා දෙකක්

ඉන්දියන් සාගරයේ මාලදිවයින දුපත් ආසන්න මුහුදු රික්ටර් මාපකයේ 5.8 ක් ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය පවසයි.

පොළවේ සිට කිලෝමීටර් 7.7 ක ගැඹුරින් අද (29) පෙරවරුවේ මෙම භුචලනයක් සිදුව තිබේ

මේ අතර ශ්‍රි ලංකාවට නිරිතදිගින් වු මාලදිවයිනට ආසන්න ඉන්දීය සාගරයේ භූ කම්පන දෙකක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය පැවසීය.

එහි එක් කම්පනයක් රික්ටර් මාපකයේ 4.8ක් ලෙසත් දෙවන කම්පනය 5.8ක් ලෙසත් වාර්තා වී තිබෙන බව එම කාර්යාංශය පැවසීය

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවය.

කෙසේ වෙතත් මෙම භුචලන මෙරට පිහිටි භු කම්පන මාන හතරේහි සටහන්ව තිබේ.

Werzuo Digital

Leave a Reply