Google පරිශිලකයන්ට විශේෂ දැනුම්දීමක්

අක්‍රීය ජීමේල් (Gmail) ගිණුම් අද (01) සිට මකා දැමීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව ගූගල් සමාගම නිවේදනය කර තිබේ.

ආසන්න වසර දෙකක් තිස්සේ සක්‍රීය නොවූ ජීමේල් ගිණුම් මෙසේ මකා දැමීමට නියමිත බව සඳහන්ය.

ඒ අනුව ජීමේල් ගිණුමක් යටතේ ඇති Drive, Google Photos සහ Documents යනාදිය මෙමඟින් මකා දැමීමට නියමිත ව ඇත.

Googleහි නිෂ්පාදන කළමනාකාර ප්‍රධානී රූත් ක්‍රිචෙලි සිය බ්ලොග් අඩවියේ සඳහන් කර ඇත්තේ, මෙය ආරක්ෂක පියවරක් වන බවයි.

ගිණුමක් දීර්ඝ කාලයක් භාවිතා කර නොමැති නම්, එය කිසිවකු අතින් අවභාවිතයට ලක් වීමට වැඩි ඉඩක් ඇති බව ඔහු සඳහන් කර ඇත.

2019 වන විට, Gmail සේවාව තුළ සක්‍රීය පරිශීලකයන් බිලියන 1.5ක් සිටින බව වාර්තා වී ඇත.

කෙසේ වෙතත් Google සමාගම විසින් අක්‍රිය ගිණුම් ගණනය කිරීම පිළිබඳ කිසිදු සංඛ්‍යා ලේඛනයක් නිකුත් කර නොමැති බව ද වාර්තා වේ. 

මෙසේ අක්‍රීය ගිණුම් මකා දැමීම දෙසැම්බර් 01 වැනිදා සිට ආරම්භ වන නමුත් සියලු ගිණුම් එක් දිනකින් මකා අවසන් නොවනු ඇති බව ද සඳහන්ය.

මකා දැමීමට පළමුව අදාළ ගිණුමට පණිවුඩයක් යොමු කෙරෙන බව ද වාර්තා වේ.

Werzuo Digital

Leave a Reply