චීන දරුවන් අතර වාර්තා වී ඇති ‘හඳුනා නොගත් නියුමෝනියාවක් හේතුවෙන් වසංගත තත්ත්වයක් පිළිබඳව එරට සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බිජිං අගනුවර ඇතුළු රට පුරා නගරවල නියුමෝනියාව පැතිරීම උත්සන්න වීමත් සමඟ චීන රෝහල් මෙම රෝගයට ගොදුරු වු දරුවන්ගෙන් පිරී ඉතිරී ගොස් උපරිම ධාරිතාවට පැමිණ තිබෙන බව එම වාර්තා සඳහන් කළේය
ලොව පුරා බෝවන රෝග පැතිරීම නිරීක්ෂණය කරන ජාත්‍යන්තර සංවිධානයක් වන ProMed සංවිධානය චීනයේ ළමුන් තුළ පැතිර යන හඳුනා නොගත් නියුමෝනියාව පිළිබඳ වාර්තාවක් නිකුත් කරමින් එය වසංගතයක් යන්න පැවසීමට තවමත් කල් වැඩි බවත් නමුත් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසු යුතු බව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම අභිරහස් නිව්මෝනියා තත්ත්වය ආරම්භ වූයේ කවදාද යන්න කිසිසේත්ම පැහැදිලි නැති බවත් බොහෝ ළමයින්ට මෙතරම් ඉක්මනින් මෙය පැතිර යාම අසාමාන්‍ය තත්ත්වයක් බවද එම සංවිධානය පවසයි.මේ දක්වා කිසිදු වැඩිහිටියෙකු මෙම රෝගයට ගොදුරු වී නොමැති බව වාර්තා වන බවද එම සංවිධානය පැවසීය.
රෝහල්ගත කර ඇති බොහෝ ළමුන්ට කැස්ස සහ වෙනත් රෝග ලක්ෂණ නොමැති බවත් ඔවුන්ට අධික උණ සහ පෙනහළු ආශ්‍රිතව ගැටිති හටගෙන ඇති බව ද එම වාර්තා සඳහන් කළේ ය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් චීන බලධාරීන් තවමත් කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර එරට සෞඛ්‍ය බලධාරීන් සහ ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බව වාර්තා වේ.