ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට මුස්ලිම්වරුන්ගේ ඉතිහාසයට සම්බන්ධ ඉපැරණිතම මුස්ලිම් දේවස්ථානය ලෙස හඳුන්වන දක්ෂිණ ශ්‍රී ලංකාවේ ඓතිහාසික ගාල්ල නගරයේ මාගාල්ල පිහිටි ඉපැරැණි හජ්ජිවත්ත (කච්චුවත්ත) මුස්ලිම් දේවස්ථානය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කිරීම හෙට (19) පෙරවරුවේ සිදුකිරීමට නියමිතය.
ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ මැදපෙරදිග රජ කල සොලමන් රජුගේ කාලයේ සිට ගාල්ල නගරය හා අරාබිවරුන්ට ඉපැරණි සම්බන්ධයක් තිබු බව මෙරට ඉතිහාසයේ සඳහන්ය.
පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස කිරීමෙන් පසු සිදුකරන පර්යේෂණ වලින් පසු අරාබිය හා සම්බන්ධ ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය ගැන වැදගත් කරුණු රැසක් අනාවරණය කරගත හැකි බව පුරාවිද්‍යා අංශ පවසයි.
මෙම අවස්ථාවට අමාත්‍ය මනුෂ්‍ය නානයක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, හිටපු නියෝජ්‍ය නගරාධිපති පවුසුල් නියාස්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු මහත්වරුන් පිරිසක් සහභාගිවීමට නියමිතය.