ත්‍රිකුණාමලයේ භුමිකම්පාවක්

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ භූ කම්පන තත්ත්වයක් වාර්තා වන බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසයි.

මෙම භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 3.4ක් ගෙන ඇති බව එම කාර්යාංශය පවසයි.

අද (12) දහවල් 1.15ට පමණ මෙම භූ කම්පන තත්ත්වය වාර්තා වී තිබේ.

එය ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය වැඩිදුරටත් සදහන් කළේය

Werzuo Digital

Leave a Reply