හික්කඩුව වෑවල වෙරළ තීරයට ඔබ්බෙන් වු ගැඹුරු මුහුදේ කිමිදීම සඳහා ගිය පෝලන්ත ජාතිකයකු අද (09) සවස දියේ ගිලිමෙන් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි පෝලන්ත ජාතිකයෙකි.
හික්කඩුව ප්රදේශයේ කිමිදුම් පුහුණු ආයතනයක සිට ගැඹුරු මුහුදේ කිමිදීම සඳහා මොහු ගොස් තිබෙන බවත් ඇතිවූ හදිසි රෝගාබාධයක් හේතුවෙන් දියේ ගිලී ඇති අතර පසුව ඔහු බේරා ගෙන හික්කඩුව ආරච්චි කන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මෘත දේහය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.