යාපනයේ ගම්මාන දෙකක් ගහගෙන 23 දෙනෙකු රිමාන්ඩ්

යාපනය කෝපායි පොලිස් වසමේ මත්ති ප්‍රදේශයේ ගම්වාසීන් දෙපිරිසක් අතර වූ ගැටුමකින් අත්අඩංගුවටගත් කාන්තාවන් තිදෙදෙනෙකු ඇතුලු 23 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මත්ති ප්‍රදේශයේ ගෙවී ගිය දින 3 ක කාලය තුලදී අවස්ථා කිහිපයකදීම ගම්වාසීන් දෙපිරිසක් අතර වූ ගැටුම් හේතුවෙන් දේපල හානි රැසක් සිදුව තිබුණි.

පසුව ඊයේ (08) ගම්වාසීණ් දෙපිරිසක් අතර වූ ගැටුම ප්‍රචණ්ඩත්වයෙන් පැවතීම හේතුවෙන් කෝපායි පොලීසියද එම් ස්ථානයට ගොස් තත්වය පාලනය කිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් දෙපාර්ශවයෙන්ම පොලිස් රජකාරියට හා මහජන සාමයට බාධාකරමින් නොසන්සුන්ව ක්‍රියාකල කාන්තාවන් තිදෙනෙකු ඇතුලු 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට කෝපායි පොලීසිය පියවර ගෙන තිබුණි.

මහෙස්ත්‍රාත්වරයා අත්අඩංගුවට පත් පිරිසට දැඩි ලෙස අවවාද කොට එම පිරිස ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර තිබේ.

Werzuo Digital

Leave a Reply