ජල පහරට හසුව ගසාගෙන ගිය කාන්තාවක් ගසක අත්තක එල්ලී බේරෙයි

ගම්පහ – මිනුවන්ගොඩ පැරණි මාර්ගයේ යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි 24 හැවිරිදි කාන්තාවක අස්ගිරිය වයි හන්දිය අසලදී අත්තනගලු ඔයෙහි ජල පහරට හසුව ගසාගෙන යමින් සිටියදී ගසක අත්තක එල්ලී දිවි ගලවාගෙන ඇතැයි පොලිසිය පවසයි.

උඩුගම්පොල , කෙහෙල්බද්දදර ප්‍රදේශයේ කාන්තාවක් අත්තනගලු ඔයෙහි අස්ගිරිය සපත්තු පාලම හරහා යතුරුපැදිය ධාවනය කරමින් සිටියදී සැඩ පහරට හසුව ගසාගෙන ගිය අවස්ථාවේදී ගසක අත්තක එල්ලී දිවි ගලවාගෙන ඇති බවත් මෙහිදී යතුරු පැදිය ගසාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

මේ දිනවල අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් පැරණි මිනුවන්ගොඩ මාර්ගයේ ගමන් ගැනීමේදී සැලකිලිමත් විය යුතු බව පොලිසිය පවසයි.

Werzuo Digital

Leave a Reply