ගාල්ල – බද්දේගම ප්‍රධාන බස් මාර්ගය වැටි ඇති ඔරොප්පුවත්ත ඥාණෝභාස මාවතේ පිහිටි කන්දේ කොටසක අද (20) පස් කණ්ඩියක් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පසුගිය දිනවල සහ ඊයේ රාත්‍රියේ ඇද හැළුණ ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ස්ථාන දෙකක මෙලෙස පස් කණ්ඩි සිදුව ඇත.
කන්දේ කොටසක් පාරට කඩා වැටි ඇති අතර එයින් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැත.
ගාල්ල බද්දේගම,මාපලගම, කරාපිටිය, යක්කලමුල්ල ඇතුලු මාර්ග රැසක බස් ධාවනවය වන්නේ මෙම මර්ගයේ වන අතර දිවාකල විශාල ජනතාවක් ගැවසෙන ප්රදේශයකි.
පස් කණ්ඩිය කඩාවැටී ඇති කන්ද මුදුනේ දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය, සංචාරක හෝටල් සහ නිවාස රැසක් පිහිටා ඇත.