පන්ති කාමරයකදි ඩෙස් උඩ නැග සිසුන් පිරිසක් සමඟ නටමින් සින්දු කියමින් සිටි එක් සිසුවකුගේ හිස සිවිලිමේ සවිකර ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි පංකාවේ වැදීමෙන් බරපතළ තුවාල ලබා මියගොස් ඇතැයි පුස්සැල්ලාව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පුපුරැස්ස ඩෙල්ටා දකුණු කොටසේ පදිංචි දහවෙනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.
ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් මෙම පාසලේ පාසැලේ ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රධාන උත්සවයට සහභාගි වීමෙන් පසු මෙම සිසුවා ඇතුළු සිසුන් ඔවුන් ඉගෙනුම ලබන දහවෙනි වසරේ පන්ති කාමරයට පැමිණ මෙලෙස නටමින් සින්දු කියමින් සිටියදී මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබයි.