මුතුපන්තිය වෙරළ තිරයෙ තිබු බිළිදකුගෙ මළ සිරුරක් අද (24( සවස සොයා ගත් බව ආරච්චිකට්ටුව පොලිසය පවසයි.
මෙම බිළිදු මළ සිරුර දිනක් පමන වයසැති මළ සිරුරක් බව පොලිසිය පවසයි.
මුතුපන්තිය වෙරළෙ තිබු මෙම නාදුනන බිළිදු මළ සිරුර ධීවරයකු දැක ඉන් පසුව පොලිසිය දැනුවත් කර ඇති බවත් ඉන් පසුව පොලිසිය විසින් අදාල ප්රදේශයෙ ආරක්ෂාව යොදවා ඇති බව පොලිසිය පවසයි.
මේ අතර තුර හලාවත පොලිසියට ලැබුන තොරතුරක් මත හලාවත මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයෙ නිළධාරීන් විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර ඇත.