2023 ක්‍රිකට් ලෝක ශූරයන්ට කෝටි 120 – අනු ශුරයන්ට කෝටි 60

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 4 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 120 කට අධිත මුදල් ත්‍යාගයක් පිරිනමන බව අද (22) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

අනු ශූරයන්ට ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් හෙවත් රුපියල් කෝටි 60 කට අධික මුදලක් වෙන්කර ඇත.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ත්‍යාග සඳහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 10 ක් හෙවත් රුපියල් කෝටි 300 ක් වෙන්කර තිබේ.

අවසන් පූර්ව තරග දෙකෙන් පරාජය වන කණ්ඩායම් දෙකට ඩොලර් ලක්‍ෂ 8 බැගින් ද පිරිනමන බවත් පළමු වටයේ තරගයක ජයග්‍රහණයක් සඳහා ඩොලර් 40,000 බැගින් පිරිනමන බවත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වැඩි දුරටත් සඳහන් කරයි.

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 05 වැනිදා ඉන්දියාවේ දී ඇරඹීමට නියමිත ව තිබේ.

එහි දී ඊට සහභාගි වන කණ්ඩායම් 10, එකිනෙකා තරග කරන අතර, ඉන් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 04 අවසාන පූර්ව තරග සඳහා සුදුසුකම් ලබනු ඇත

Werzuo Digital

Leave a Reply