රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව අසාර්ථක කුමන්ත්‍රණයකට නායකත්වය දුන් වැග්නර් කුලී හේවා කණ්ඩායමේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් ඇතුළු 10 දෙනෙකු ගමන් ගත් ගුවන් යානය අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
යානයේ සිටි මගීන්ගේ ලැයිස්තුවේ Yevgeny Prigozhin සිටි බව රුසියානු සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසා ඇති බව එම වාර්තා සඳහන් කළේය.
වැග්නර් බලකාය විසින් රුසියානු පාලනය යටතේ පැවති නැගෙනහිර යුක්රේනයට මායිම්ව පිහිටි රොස්තොව් නගරය පළමුව අත්පත් කරගත් අතර පසුව ඔවුන් වෙරොනිෂ් නගරයේ බලය ද අත්පත් කර ගත්තා.
රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයේ දී රුසියාවට සහය ලබාදෙන කුලී හේවා බලකායක් ලෙසයි වැග්නර් සන්නද්ධ කණ්ඩායම කටයුතු කරනු ලබයි.
රුසියාවට සහය දැක්වීමට ඉදිරිපත් වූ වැග්නර් බලකායට අයත් ප්‍රදේශයකට රුසියානු හමුදාව විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව කියන සිද්ධියක් මුල් කර ගනිමින් ඔවුන් රුසියානු පාලන යටතේ පැවති ප්‍රදේශ ආක්‍රමණය ආරම්භ කළේ.