ඝාතනය කරන ලද බවට සැකකර කරන කාන්තාවකගේ මළ සිරුරක් හියාරේ ප්‍රදේශයේ නිවසක තිබි ඊයේ (05) සොයාගත් බව අක්මිමණ පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ හියාරේ පදිංචිව සිටි 65 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය පවසයි.
මෙම කාන්තාව නිවසේ තනියම ජිවත්ව ඇති අතර දියණිය පැමිණ බැලීමේදී මම මියගොස් ඇති බව දැක ඒ බව පොලිසියට දැනුම් දී තිබේ .
පසුව පොලිසිය ගොස් සොයා බැලිමේදි අනාවරණයවි ඇත්තේ ඇයගේ රන් ආභරණ කිසිවෙකු විසින් ගලවාගෙන ගොස් ඇති අතර ඇයගේ මුහුණේද තුවාල තිබු බවය.
මේ පිළිබඳ මහේස්ත්‍රාත් පරික්ෂණය ඊයේ රාත්‍රියේ පැවැත්විමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා සිරුර කරාපිටිය රෝහලට රැගෙන ගොස් තිබේ
සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.