මාරක යතුරුපැදි අනතුරින් පාසල් සිසුන් දෙදෙනෙකු මරුට

පාසල් සිසුන් දෙදෙනකු ගමන් ගත් යතුරු පැදියක් තඹගල්ල වැව ආසන්නයේ දී අද සවස මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි රැහැන් කණුවක ගැටී සිදුවු මාරක අනතුරකින් එම සිසුන් දෙදෙනාම මියගිය බව මාදම්පේ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මාදම්පේ, තඹගල්ල සහ රුවන්වැල්ල පදිංචි 16 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි.

මාරක අනතුරින් මියගිය දෙදෙනාම ඥාතීන් යයි පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply