ගාල්ලේ ප්‍රධාන මාර්ගයක් අවහිර කරමින් දුම්රියක් නවතී

බෙලිඅත්ත සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක් අද (27) සවස ගාල්ල දුම්රිය ස්ථානයට ආසන්න මිනුවන්ගොඩ දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් කාර්මික දෝෂයකට ලක්ව නැවතීම නිසා ගාල්ල – වක්වැල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය විනාඩි 40 ක පමණ කාලයක් ඇණහිට තිබුණි.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවිය.

මෙම දුම්රිය හේතුවෙන් ගාල්ල බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට ද බාධා එල්ලවු බව වාර්තාවේ.

පසුව ගාල්ල දුම්රිය ස්ථානයේ සිට අතිරේක දුම්රිය ඇන්ජිමක් ගෙන්වා එම දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානය වෙත ඇදගෙන යනු ලැබීය.

Werzuo Digital

Leave a Reply