අස්වැසුම ප්‍රතිලාභ පෝලිමක සිටි අයෙක් ජිවිතක්ෂයට

අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමේ අයදුම්පත් භාර දීම සඳහා අද (27 ) උදෑසන සිට ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ භූමියේ පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු ඇද වැටී එම ස්ථානයේදීම මියගොස් ඇති බව ඇල්ල පොලිසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ටෝනකොම්බෙ නමුණුකුල වතුයායේ පදිංචි ව සිටි 77 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

කාර්යාලයීය කටයුතු ආරම්භ වීමටත් ප්‍රථම පැමිණ පෝලිමක රැදී සිටි පුද්ගලයකු මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply