OpenAI සමාගම Android සඳහා ChatGPT App හඳුන්වා දෙයි

ChtGPT සඳහා Mobile App එකක් හඳුන්වා දී තිබේ.

එහි මුලික අදියර ලෙස iOS සඳහා App එකක් හඳුන්වා දීමට OpenAI සමාගම කටයුතු කළ අතර එහි දෙවැනි අදියර ලෙසින් එම සමාගම Android App එක හඳුන්වා දී ඇති බවයි වාර්තාවේ.

ඒ අනුව Android Device එකට ChatGPT App එක Play Store ඔස්සේ ලබා ගත හැකි අතර ChatGPT App එක ඔස්සේ ද Instant answers, Tailored advice, Creative inspiration, Professional input, Learning opportunities ආදි පහසුකම් රැසක් ලබා ගත හැකි බව වාර්තාවේ.

තවද, ChatGPT History එක Web සහ Android Devices අතර Sync වනු ලබයි.

App එක නොමිලයේ භාවිත කිරීමේ හැකියාව ලැබෙන අතරම අවශ්‍ය නම් ඩොලර් 19.99 පමණ ගෙවීමක් කර ChatGPT Plus Service එකත් App එක හරහාම ලබා ගැනිමට හැකියාව පවති.

එමෙන්ම මේ සඳහා Pre-Register වීමේ හැකියාව පවතින අතර ඉදිරියේදි තවත් විශේෂාංග එක් කිරීමට නියම්තයි.

Werzuo Digital

Leave a Reply