1 වසරට ළමයින් ඇතුළත් කරන චක්‍රලේඛය හෙට

වසර 2024 සඳහා එක ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හෙට (14) නිකුත් කිරිමට නියමිත බව වාර්තාවේ

මෙම චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසුව එක වසර සඳහා දරුවන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍ර යොමු කිරීමට අවස්ථාව හිමිවේ.

අගෝස්තු මස 18 වැනිදා තෙක් මෙම අයදුම්පත්‍ර යොමු කළ හැක.

අයදුම්පත් යොමු කිරීමේදී දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා ඉදිරිපත් කරන ලියකියවිලි ජූනි 30 වැනිදාට පෙර සහතික කළ එවිය යුතු බවද වාර්තාවේ.

මෙවර එක වසරට දරුවන් ඇතුළත් කිරීමේදී විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සාමාන්‍ය පාසලකට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවේ.

Werzuo Digital

Leave a Reply