මාරක අනතුරු දෙකකින් දෙදෙනෙකු මරුට

ඊයේ (11) සිදුවු අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

පානදුර උතුර පොලිස් වසමේ ගාලු පාරේ, ගොරකාන ප්‍රදේශයේ දී පානදුර දෙස සිට මොරටුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම ගමන්කළ පාපැදියක ගැටි අනතුරක් සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබු යතුරු පැදිකරු සහ පාපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී පාපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 68ක් වු වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර වරකාපොළ පොලිස් වසමේ වරකාපොළ අඟුරුවැල්ල මාර්ගයේ මායින්නොළුව ප්‍රදේශයේ දී වරකාපොළ දෙස සිට අඟුරුවැල්ල දෙසට ධාවනය වු ත්‍රිරෝද රථයක් මාර්ගය අයින් ගමන්කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ. 

අනතුරින් බරපතළ තුවාල ලැබු 62 හැවිරිදි පාපැදිකරු වරකාපොළ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුර සිදුකළ ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Werzuo Digital

Leave a Reply