මී හරක් කුලප්පුවෙන් දරුවන් 05 දෙනෙකු රෝහලට

හල්දුම්මුල්ල බත්ගොඩ දී අද (11) අලුයම පාසල් යමින් සිටි දරුවන් පස් දෙනකු පසුපස මීහරක් රංචුවක් පැන්නීමෙන් තුවාල ලැබූ දරුවන් හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට අයත් බත්ගොඩ විපුලානන්ද දෙමළ මහ විදුහලට යමින් සිටි සිසුන් පස් දෙනෙකු බව පොලිසිය පවසයි.

බත්ගොඩ මංසන්ධියේ සිට විදුහලට පාගමනින් යමින් සිටිය දී පුද්ගලයෙකු විසින් දක්කාගෙන ආ මී හරක් කුලප්පු වී දරුවන් පසුපස පන්නා ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූ දරුවන් ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවත්, හපුතලේ පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Werzuo Digital

Leave a Reply