අධික උණුසුමෙන් මෙක්සිකෝවේ 100 දෙනෙකු මරුට

මෙක්සිකෝවට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය සති දෙක තුළ සෙල්සියස් අංශක 50ක පමණ උෂ්ණත්වයක් එහි පැවති බවය.

බොහෝ මරණ උෂ්ණත්වය හේතුවෙන් ඇති වූ ආඝාත තත්ත්වය බලපා ඇති අතර සුළු මරණ සංඛ්‍යාවක් විජලනය හේතුවෙන් සිදුව ඇති බව එම වාර්තා සඳහන් කළේය.

කෙසේවෙතත් ඇතැම් නගරවල තවදුරටත් ඉහළ උෂ්ණත්වයක් පවතින බව සඳහන් වෙයි.

Werzuo Digital

Leave a Reply