යාපනය අරාලි වඩුක්කොට්ටේයි මාර්ගයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටි සිදු වූ මාරක රිය අනතුරින් දෙදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.
වයස අවුරුදු 39 අයෙකු හා 29 හැවිරිදි පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.
අධික වේගයෙන් පැමිණි යතුරු පැදි දෙක මුහුණට මුහුණ ගැටි මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.ද්