යෝධ ග්‍රහකයක් අද පෘථිවිය අසලින්

තාරකා විද්‍යාඥයන් 2013 WV 44 යන නමින් නම් කළ මීටර් 160 ක් පළල යෝධ ග්‍රහකය අද (28) පෘථිවිය අසලින් යෑමට නියමිතය.

මෙම ග්‍රහකය පෘථිවියේ හැපීමේ කිසිදු ඉඩක් නැති බව තාරකා විද්‍යාඥයෝ තහවුරු කර තිබේ.

2013 WV 44 ග්‍රහකය සොයා ගැනීම සිදුවූයේ 2013 වසරේය. මෙය ගමන් කරන්නේ තත්ත්පරයට 11.8 ක වේගයකිනි. මෙය පෘථිවිය පසු කර යනු ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 3.3 ක් දුරිනි.

බටහිර තාරකා විද්‍යාඥයන් ඉංග්‍රීසි බසින් ‘ඇස්ට්‍රොයිඩ්’ යනුවෙන් හැදින්වෙන ග්‍රහ වස්තු, ‘ග්‍රහක’ ලෙස සිංහලෙන් හැදින්වෙයි. බොහෝ දෙනා මේවාට ‘ග්‍රාහක’ යැයි කියයි. ‘ග්‍රාහක’ යන වදනේ අදහස ‘ග්‍රහණය කර ගැනීම’ යන්නය. ‘ඇස්ට්‍රොයිඩ්’ යන වදන සිංහලෙන් ‘ග්‍රාහක’ නොව ‘ග්‍රහක’ විය යුතු යැයි බොහෝ විද්වතුන්ගේ මතය වි තිබේ.

Werzuo Digital

Leave a Reply