තොටිල්ලක ගෙල සිරවීමෙන් දරුවෙකු ජිවිතක්ෂයට

නාවලපිටිය පොලිස් වසමේ මොන්ටික්‍රිස්ටෝ වත්ත ප්‍රදේශයේ නිවසක කාමරයක බැඳ තිබූ තොටිල්ලක ගෙල සිරවීමෙන් ඊයේ (27) දහවල් කුඩා දරුවෙක් මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

සාරියකින් බැඳ තිබු තොටිල්ලක එලෙස ගෙල සිරවී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 9 හැවිරිදි දරුවෙකු බවද පොලිසිය පවසයි.

නිවසේ සිටින තවත් කුඩා දරුවෙකුට බැඳ තිබූ තොටිල්ලක නැඟ සෙල්ලම් කරමින් සිටිය දී එලෙස ගෙල සිරවී ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෘත ශරීරය මේ වනවිට නාවලපිටිය රෝහලේ තැන්පත් කර ඇත.

Werzuo Digital

Leave a Reply