මාරක ලිඳේ පඩිපෙලකින් වැටී බිළිඳෙක් ජිවිතක්ෂයට

දඹගල්ල පොලිස් වසමේ මඩුල්ල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති සැනකෙළියක මාරක ළිඳේ පඩිපෙලකින් ඇද වැටී දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

බරපතළ තුවාල ලබා අදාළ දරුවා මොනරාගල රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (21) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇත.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුද්දයි මාස 11ක් වු කහටගස්දිගිලිය ප්‍රදේශයේ බිළිඳෙකි.

මාරක ළිඳෙහි හිමිකරුගේ ලොරි රථයේ රියදුරුගේ දරුවා මෙලෙස පියගැට පෙළෙන් ඉහළට නගිමින් සිටි දී ඇද වැටී ඇත.

දරුවාගේ පියා සංදර්ශනයට පෙර මාරක ළිඳේ ආරක්ෂක කටයුතු හා සැරසිලි සිදුකිරීම සඳහා පැමිණ සිටිය දී එම අනතුර සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Werzuo Digital

Leave a Reply