ඉතිහාසයේ වසරක් තුළ නිකුත් කළ වැඩිම පාස්පෝට් ප්‍රමාණය 2022 දී

මෙතෙක් ඉතිහාසයේ වසරක් තුළ නිකුත් කරනු ලැබූ වැඩිම විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වන 911,689 ක ගමන් බලපත්‍ර ප්‍රමාණයක් පසුගිය 2022 වසරේ දී නිකුත් කරනු ලැබූ බව ආගමන හා විගමන පාලක ජනරාල් අයි.එස්.එච්.ජේ. ඉළුක්පිටිය මහතා පවසයි.

2022 වර්ෂයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආගමන හා විගමන පාලක ජනරාල්වරයා

විදේශ ගමන් බලපත්‍ර සැකසීම සම්බන්ධයෙන් ඇති වූ පෙර නොවූ විරූ ඉල්ලුම හමුවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු මානව හා භෞතික සම්පත සාර්ථක ලෙස කළමනාකරණය කරගනිමින් ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් ලබාදීමට කාර්යමණ්ඩලය දිවා රෑ නොබලා වෙහෙසුන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙතෙක් වර්ෂයකට නිකුත් කරනු ලැබූ වැඩිම විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය වන 911,689 ක් පසුගිය වසරේ දී නිකුත් කිරීමට හැකිවිය.

එසේම 2022 වර්ෂය සඳහා අපේක්ෂිත ආදායම් ඉලක්කය ඉක්වමින් ජාතික ආදායමට රු. බිලියන 23.8 ක දායකත්වයක් ලබා දීමට හැකි වූ බව ද සතුටින් සිහිපත් කරන අතර එය පසුගිය වසරේ ආදායම හා සලකා බැලීමේ දී 174.8% ක වැඩිවීමකි.

Werzuo Digital

Leave a Reply