කොරියාවේ යන අයට සුබ ආරංචියක්

ඉදිරි මාස දෙක තුළ, කොරියාව සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කොරියානු රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් ගමන් ගන්නා ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 470 දරණ ගුවන් ඊයේ දිනයේදීත් පැය 12ක් පමණ ප්‍රමාදවී තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

කොරියාව බලා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දිගින් දිගටම මේ ආකාරයට ප්‍රමාදවීම නිසා කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත් කරයැවීම බරපතළ ගැටලුවක් බවට පත්වී තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ප්‍රමාදය අවම කර ගැනීමේ තාවකාලික විසඳුමක් වශයෙන් ඉදිරි සති දෙක තුළදී, ඒම ශ්‍රමිකයින් සිංගප්පූරුව හරහා කොරියාවට යැවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

කොරියාව බලා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දිගින් දිගටම මේ විදියට ප්‍රමාද වෙනවා.. මෙම ගුවන් යානය දුවන්නෙම මෙම ශ්‍රමිකයින් හරහා අවස්ථා කිහිපයකදීම මේ පිළිබඳව දැනුවත් කළත් නිර්ලැජ්ජිත විදියට මෙම ප්‍රමාදය නැවත නැවත සිදු කරනවා.

ඊයේ යන්න තිබුණේ කොරියාවට යන 800 වන කණ්ඩායම අවසානයේදී මේ ගමන අවලංගු කිරීමට සිදු වුණා. මීට පෙර අවස්ථා තුනක් මෙම ගුවන් ප්‍රමාදය සිදු වුණා. ඇතැම් දවස් වල පැය 9.ත් 10ත්

කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව මෙම ශ්‍රමිකයින් භාර ගන්න වෙලාවක් දී තිබෙනවා ඊයෙත් මෙම ගමන අවලංගු කරන්න සිදු වුණා.

ඉදිරි සුමාන දෙකේදී මෙම ශ්‍රමිකයින් සිංගප්පූරුවට ගිහින් එතැන් සිටි කොරියානු ගුවන් යානයේ ගමන් කරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Werzuo Digital

Leave a Reply