කොට්ටාව වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

කොට්ටාව ධර්මපාල විද්‍යාලය ඉදිරිපිටදී අද ( 21) උදෑසන සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මත්තේගොඩ  ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා කොට්ටාව ධර්මපාල විද්‍යාලය අසල පිහිටි වෛද්‍ය රසායනාගාරයක් තුල මෙම වෙඩි තැබීම සිදු කර තිබේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් ටී 56 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් එම වෙඩි තැබීම සිදුකර තිබෙන බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Werzuo Digital

Leave a Reply