බදගිරිය වැවේ මාළු අල්ලන්න ගිය ධීවරයෙකු කිඹුලෙකුට බිලි

බදගිරිය වැවේ විසි දැල් භාවිතා කරමින් මසුන් මරමින් සිටි ධිවරයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙන බව හම්බන්තොට පොලීසිය පවසයි.

මෙලෙස කිඹුල් ප්‍රහාරයට ලක්ව මිය ගොස් තිබුණේ බදගිරියේ පදිංචිව සිටි 32 වැනි වියේ පසු වූ එක්දරු පියෙකි.

මාළු දැළක පැටලී තිබී ධීවරයාගේ සිරුරු ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන තිබුණු අතර ඒ වෙන විටත් කිඹුලා විසින් ධීවරයාගේ පාදයකින් කොටසක් ගිල දමා තිබුණු බව ප්‍රදේශවාසීහු පවසයි.

ඔහු පසු ගිය 15 දින බදගිරිය වැවේ කිඹුලන් බහුලව වෙසෙන ප්‍රදේශයක තහනම් දැලක් භාවිතා කරමින් මසුන් අල්ලමින් සිටියදී කිඹුල් ප්‍රහාරයට ලක්ව තිබේ.

ධීවරයා නිවසට නොපැමිණීම නිසා පසු ගිය 17 වැනි දින ඔහු ගැන ප්‍රදේශවාසීන් විසින් සොයමින් සිටියදි ධීවරයාගේ සිරුර හමුවී  තිබේ.

Werzuo Digital

Leave a Reply