පෙම් පලහිලව්ව ඝාතනයකින් කෙලවර වෙයි

මුරුක්කන් අච්චාන්කුලම් ගම්මානයේ දෙපිරිසක් අතර ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

තරුණියගේ පියා විසින් අදාළ තරුණයාට සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයාට පහරදී තිබේ. එහිදී එම තරුණයාගේ 25 හැවිරිදි වැඩිමහල් සහෝදරයා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් තරුණියගේ පියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Werzuo Digital

Leave a Reply