මෙරට පුද්ගලයින් අතර සමේ පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
අද (14) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර පැවසුවේ ස්වභාවික සම ආරක්ෂා කරගෙන එය නිරෝගිව පවත්වාගෙන යාම වැදගත් බවයි.
මේ අතර ඇතැම් කාන්තාවන්ගේ ආකල්පමය ගැටලු හේතුවෙන් සම සුදුකිරීම සඳහා භාවිත කරන අලේපන නිසි සොයා බැලීමකින් තොරව භාවිත කිරීමට පෙළඹී ඇති බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පවසයි.
අද (14) සෞඛ්‍ය කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ අදහස් පළ කළේය.
“අපි අන්තර්ජාලයට ගිහින් බැලුවොත් මෙන්න මේ ආලේපනය විකුණනවා කියලා කිව්වොත් ඒකට යටින් තියෙන කමෙන්ට්වල මම දැකලා තියෙන්නේ, එකම දේ තමා “කොච්චර ඉක්මනට සුදුවෙනවා ද? ගාණ කීයද ?” කිසිම කෙනෙක් අහන්නේ නෑ මේකේ මොනවා ද තියෙන්නේ කියලා. කිසිම කෙනෙක් අහන්නේ නෑ මේක ආරක්ෂිත ද? මේක රෙජිස්ටර් කරලා ද? අනුමැතියක් ලැබිලා තියෙනවා ද කියලා. ඒ වගේ දෙයක් ඇහුවත් අහන්නේ අපි වගේ අය. ඔන්න ඔතැන තමා තියෙන්නේ ගැටලුව. ලස්සන කියලා කියන්නේ සුදුයි කියන මිත්‍යාවට, ඒ උන්මාදයට අපි පත්වෙලා තියෙනවා. ඒක එන්න එන්න වැඩිවුණා. හිමින් සුදුවෙන්නත් බෑ. ගොඩක් සුදුවෙනවා නම් වඩා හොඳයි. ඒ තරම් කැමැත්තෙන් ඉන්නේ. අපි කෙනෙක්ට දෙයක් නිර්දේශ කරද්දි අපි සුදුකරන්න යන්නේ නෑ. අපි පාට වෙනස් කරන්න උදව් කරනවා නම් ඒක අපි කරන්නේ හෙමින්.”