හික්කඩුව, පටුවත ප්රදේශයේ දී යුද හමුදා බස් රථයක, වෑන් රථයක් ගැටීමෙන් ඊයේ (05) පෙරවරුවේ සිදුවු රිය අනතුරින් බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටි එංගලන්ත ජාතිකයා අද (06) අලුයම මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මෙරට පදිංචිව සිටින එංගලන්ත ජාතිකයෙකි.
වෑන් රථය අතුරු මාර්ගයක සිට ගාලු පාරට ඇතුළු කිරීමට යාමේ දී උත්සවයකට සහාභාගීවිම සඳහා කොළඹ සිට ගාල්ල බලා ගමන් කරමින් තිබු යුද හමුදා බස් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් ඔහු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ.
අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද යුධ හමුදා නිලධාරියා අද (06) ගාල්ල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අනතුර සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.