එංගලන්ත ජාතිකයෙකු පැදවූ වෑන් රථය අනතුරක

හික්කඩුව, පටුවත ප්‍රදේශයේ දී යුද හමුදා බස් රථයක, වෑන් රථයක් ගැටීමෙන් අද (05) පෙරවරුවේ රිය අනතුරක් සිදුව තිබෙන බව පොලිසිය පවසයි.

එම වෑන් රථය පදවා ඇත්තේ විදේශිකයෙකු බවත් ඔහු බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත් හික්කඩුව පොලීසිය පැවසීය.

මෙලෙස තුවාල ලබා ඇත්තේ මෙරට පදිංචිව සිටින එංගලන්ත ජාතිකයෙකු බව අනාවරණය වී ඇත.

වෑන් රථය අතුරු මාර්ගයක සිට ගාලු පාරට ඇතුළු කිරීමට යාමේ දී උත්සවයකට සහාභාගීවිම සඳහා කොළඹ සිට ගාල්ල බලා ගමන් කරමින් තිබු යුද හමුදා බස් රථයක ගැටී අනතුර සිදුව තිබේ.

අනතුර සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Werzuo Digital

One thought on “එංගලන්ත ජාතිකයෙකු පැදවූ වෑන් රථය අනතුරක

Leave a Reply