ඉන්ධන QR කෝටා ක්‍රමය අවසන් වන දිනය ගැන දැනුම්දීමක්

චීනයේ සයිනොපෙක් සමාගම මෙරට ඉන්ධන සැපයුම් කටයුතු ආරම්භ කළ වහාම වර්තමානයේ පවතින ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සඳහන් කළේ මේ වන විට රට තුළ කිසිදු අයුරකින් ඉන්ධන හිඟයක් නොමැති බවයි.

මෙරට ඉන්ධන වෙළදපොළට පිවිසීමට චීනයේ සයිනොපෙක් සමාගම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ ගිවිසුම් ගතවීම මැයි මස 22 වනදා සිදු කෙරුණි.

ඒ, අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මෙහෙයුම් සිදුකරන ඉන්ධනහල් 150ක මෙහෙයුම් කටයුතු සහ නව ඉන්ධනහල් 50ක් මෙරට තුළ ඉදිකිරීමට සයිනොපෙක් සමාගමට අවසර හිමි විය.

Werzuo Digital

Leave a Reply