වැඩ භාරගැනීමට යමින් සිටි පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක්

බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වැඩ භාරගැනීමට යමින් සිටි අයෙකුට පාදුක්ක, වල්පිට ගැමුණු මාවතේ දී අද (05) උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව පොලිසිය පවසයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු 62 හැවිරිදි පුද්ගලයා මේ වනවිට හෝමාගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි මීගොඩ පොලීසිය පවසයි.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා සිය නිවසේ සිට වල්පිට ගැමුණු මාවතට සිය මෝටර් රථය ඇතුළු කිරීමට සූදානම් වූ අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් වෙඩි ප්‍රහාර හතරක් එල්ල කර ඇති බව සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කළේය.

ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවද වාර්තාවේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මෙයට පෙර සමුපකාර රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති බවද පොලීසිය සඳහන් කළේය. 

සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ මීගොඩ පොලීසියේ අපරාධ විමර්ශනය ඒකකයේ නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Werzuo Digital

Leave a Reply