ගුවන් හමුදා සෙබළෙකු සියදිවි හානිකරගනී

බම්බලපිටියේදී ගුවන් හමුදා සෙබළෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි වියේ පසුවූ ත්‍රිකුණාමලය අබේපුර ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා සැරයන්වරයෙකි.

තවත් සෙබළුන් කිහිපදෙනෙකු සමග රාජකාරියේ නිරතව සිටියදී බම්බලපිටිය ෆොන්සේකා පෙදෙසේ ඉඩමක් තුළ පිහිටි පාළු නිවසක් ආසන්නයේදී අදාළ සැරයන්වරයා මෙලෙස වෙඩිතබාගෙන ඇති බවට අනාවරණය වී ඇත.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බම්බලපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

(ජීවිතය අන්තයටම එපාවි, සියල්ල අත්හැර ජිවිතයෙන් සදාකාලිකවම සමුගන්නට සිතුවිල්ලක් ඔබට මට කිසියම් මොහොතක ඇති වුවහොත්, ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට, ජීවිතය ජීවත් කරවන්නට මහත් පිළිසරණක්, දයාබරත්වයේ දෑතක් ඇති බව ඔබ නොදන්නවා ඇත. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මෙම සෙනෙහබර දෑත ඔබට දිගුකර ඇත. ඕනෑම ප්‍රශ්නයක්, ගැටලු‍වක් වෙනුවෙන් ඉතාම සාර්ථක උපදෙසක් 1926 දුරකථන අංකයට ඇමතීමෙන් ලබාගත හැකිව ඇත. )

Werzuo Digital

Leave a Reply