iPhone 15 ලබන සැප්තැම්බර් මාසයේ එළියට එන ලකුණු

මාස කිහිපයක් ඇතුළත ඇපල් සමාගමේ නවතම දුරකථන මාදිලිය වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව මෙලෙස වෙළෙඳපොළට නිකුත් කරනු ලබන්නේ නවතම iPhone 15 දුරකථනය බව එම වාර්තා සදහන් කළේය.

මෙම දුරකථනය සඳහා USB Type – C වර්ගයේ cahrging cable එකක් හඳුන්වා දීමට නියමිත බවද එහි සදහන්ය

එසේම මෙම ජංගම දුරකථනය iPhone 15, iPhone 15 Plus, iPhone 15 Pro & iPhone 15 Pro Max ලෙස මාදිලි 04 කින් වෙළෙඳපොළට නිකුත්කරනු ඇත.

මේ අතර මෙම නව iPhone 15 හි ඉදිරිපස සහ පසුපස කැමරාවන් හි විශේෂ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවද එම වාර්තා පවසයි.

එසේම අදාළ වාර්තා උපුටා දක්වමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ iPhone 15 මාදිලිය සැප්තැම්බර් මස 07 වනදා වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව ඇති බවය.

Werzuo Digital

Leave a Reply