පදවිය ප්රදේශයේ අද (16) රාත්රියේ සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි
මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
පදවිය-පුල්මුඩේ පාර 06 කණුව ප්රදේශයේදී නිවසක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය පවසයි.
මෙම වෙඩි තැබීම සඳහා T56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බව පොලිසිය සැක පල කළේය.
මෘත ශරිරය පදවිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වෙඩි තබා පලාගිය සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට පදවිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලබයි.