ඉන්දිය කේරළ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරලී ඛේදවාචකයක්

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ පිහිටි මලප්පුරම් මුහුදු තීරයේදී සංචාරක බොට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයින් 22 දෙනෙකු මේ වන විට මිය ගොස් තවත් පිරිසක් බරපතළ තුවාල ලබා තවත් පිරිසක් අතුරුදහන් ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බොට්ටුව පෙරලෙන අවස්ථාවේදී මගීන් 40කට වැඩි පිරිසක් ගමන්කොට ඇති බව එම වාර්තා සඳහන් කළේය.

මලප්පුරම් තන්නුර් මුහුදු තීරයේ යොදවා තිබූ සංචාරක බොට්ටුවක් මෙලෙස ඊයේ (07) සවස පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර බොට්ටුව පෙරලීයාමෙන් අතුරුදහන් වූ පිරිස් සොයා ගලවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙයි.

පෙරලී ගිය බොට්ටුව තට්ටු දෙකකින් සමන්විත වන අතර උඩ තටුවේ වැඩිපිරිසක් ගමන්ගැනීම හේතුවෙන් මෙලෙස බොට්ටුව පෙරලී ගොස් ඇති බව අනාවරණය වි ඇති අතර ඒ සම්බන්ධයෙන් පරික්ෂණ ක්‍රියාත්මකයි.

අද (08) එම ප්‍රාන්තයේ නිල ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය රජයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් වාර්තා කළේය

2018 මැයි මාසයේදී එම ප්‍රදේශයේම බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගියහ.

අතුරුදහන් වූ පිරිස් සොයා අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බවටද ඉන්දීය ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසීය

Werzuo Digital

Leave a Reply