පිටිගල පොලිස් වසමේ තල්ගස්වල පිහිටි නියාගම ප්රාදේශීය සභාව අසල මාර්ගයේ අයිනේ රැඳී සිටි කාන්තාවක් කැබ් රථයකට යටවි බරපතළ තුවාල ලබා අද (30) සවස නියාගම ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
පිටිගල සිට මාපලගම දෙසට ධාවනය වු බොලෙරෝ වර්ගයේ මෙම කැබ් රථය කාන්තාව හප්පා පලා ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ තල්ගස්වල පදිංචි 32 හැවිරිදි කාන්තාවකි
අනතුරට සම්බන්ධ කැබ් රථය අත් අඩංගුවට ගැනීම සදහා පිටිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි