දේශීය අත්කම් භාණ්ඩ අළෙවි කිරීමට ගාල්ලට වෙළඳ මධ්‍යස්ථානයක්

කාන්තාවන්ගේ අත්කම් භාණ්ඩ විකිණීම සඳහා ගාල්ල ප්‍රදේශයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා සුදුසු ගොඩනැගිල්ලක් සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියට උපදෙස් දුන්නේය.

දේශීය මෙන්ම විදේශීය පාරිභෝගිකයන් ඉලක්ක කර ගනිමින් මෙම අලෙවිහල පිහිටුවන බව ද ජනාධිපතිවරයා කීය.

ශ්‍රී ලාංකීය කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් ප්‍රථම වරට සංවිධානය කරන ලද “Women Plus Bazaar 2023” ප්‍රදර්ශනය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ආරම්භ වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව කීය.

කොළඹ පිහිටි ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති කාර්යාලය, කොළඹ මහ නගර සභාව, කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය හා ජාතික ශිල්ප සභාව එක්ව සංචාරකයන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබිණි.

ජනාධිපති මාධ්‍ය අංශය

Werzuo Digital

Leave a Reply