ඉඩම් ආරවුලකට මල්ලි අයියා මරලා

ඉඩමට තිබු ආරවුලක් දුරදිගයාමෙන් ඇතිවු ගැටුමකින් පසු මල්ලි විසින් අයියාට එල්ල කළ පිහි පහරකින් අයියා බරපතල තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් පසු මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි

මෙසේ මියගොස් ඇත්තේ වැල්ලවාය තුනේ කණුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙකි

කාලයක සිට මහගෙදර ඉඩමට තිබු ආරවුලක් මෙම ගැටුමට හේතුවී ඇති අතර ඊයේ (29) රාත්‍රි මෙම පහර දිම සිදුව තිබේ. පිහි ප්‍රහාරයට ලක්වු අයියා වැල්ලවාය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මොනරාගල මහා රෝහලට මාරුකර යවා ඇති අතර එහිදි මියගොස් තිබේ.

සැකකරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

Werzuo Digital

Leave a Reply