පානදුර මුහුදේ කිඹුලා අල්ලයි

පානදුර වෙරළේ සැරිසරමින් සිටි අඩි 7 ක් පමණ දිගැති කිඹුලා අද (29) පස්වරුවේ අල්ලා ගැනීමට පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් සමත්ව ඇත.

දින කිහිපයක් මුළුල්ලේ පානදුර මුහුදු වෙරළ ආසන්නයේ සැරිසරා ඇති කිඹුලා ඊයේ (28) පස්වරුවේ පානදුර පොලිස් අධිකාරී කාර්‍යාලය ඉදිරිපිට වෙරළට පැමිණ සිටි අයුරු ධීවරයකු දැක වෙරළ ආරක්ෂක නිළධාරීන් දැනුවත් කර තිබුණි.

ඒ අනුව වෙරළ ආසන්නයේ අද ජනතාව ගැවසීම අඩුව තිබූ අතර ජීවිත ආරක්ෂක නිළධාරීන් විසින් කිඹුලා අල්ලාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අත්තිඩිය වනජීවි කාර්‍යාලය දැනුවත් කර ඇත.

පානදුර මුහුදේ කිඹුලෙක්

Werzuo Digital

Leave a Reply