ගාල්ල දිස්ත්‍රික්කය තුල මී උණ පැතිරයාමේ දැඩි අවදානමක් මතුව ඇති බවත් මෙම වසරේ ජනවාරි සිට අප්‍රියල් 26 දක්වා ගතවු මාස හතරකට ආසන්න කාලය තුල පමණක් මී උණ මරණ 19ක් සිදුව ඇති බවත් ඊයේ (27) පැවති ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්විමේදි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ එරන්ද හෙට්ටිආරච්චි මහතා පැවසිය.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්විම පැවැත්වින.
මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුල පමණක් මී උණ රෝගින් 224 වාර්තා වි ඇත. මෙම කාලය තුල සිදුව ඇති මී උණ මරණ සංඛ්‍යාව 19ක් බවද එහිදි වෛද්‍යවරයා පැවසීය. මෙම මරණ අතර අවුරුදු 13 පාසල් සිසුවියක්ද වන බවත් මේ වනවිට දිස්ත්‍රික්කයේ වැඩිම රෝගින් වාර්තා වන්නේ කරන්දෙණිය, බද්දේගම, ඉමදුව, බලපිටිය, උඩුගම, යක්කලමුල්ල, හබරාදුව යන යන කොට්ඨාසවල බවත් ඔහු වැඩිදුරටත් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කළේය
2015 වසරේ සිට මේ වනවිට ලංකාවේ වැඩිම මි උණ මරණ වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙනුයි.
එක මියෙකුගෙන් වසරකට පැටව් දෙදහසක් පමණ බෝවන බවට අනාවරණය වි ඇති බවත් තවමත් ලංකාවේ මි උණ වැළදෙන්නේ මී මුත්‍රාවලින් වුවත් මී හරකාගෙන් සහ බල්ලාගෙන්ද බෝවිමට පුලුවන් බවට සොයාගෙන තිබෙන බවත් වෛද්‍යවරයා පැවසීය .
මේ නිසා මී ගහනය පාලනය කිරීමට වහාම පියවර යුතු බවද වෛද්‍යවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා
සාමාන්‍යයෙන් කලින් මෙම රෝගය වැළඳුනේ දිනපතා කුඹුරු වැඩ කරන අයටයි. නමුත් දැන් එම අය දැනුවත් නිසා කුඹුරට බැසිමට පෙර ප්‍රතිකාර ගන්නවා පසුගිය කාලයේ වාර්තාවු රොගින් අතර ඉඳහිට කුඹුරට බැහැපු අය වෙනත් කෙනෙකුගේ උදව්වට කුඹුරට බැහැපු අය සරුංගල් අරින්න කුඹුරට බැහැපු ළමයින් කුඹුරු හරහා වෙනත් වැඩවලට ගිය අය සිටිනවා. ඒ වගේම මඩ සහ ජලය ආශ්‍රිත ඉඩම්වල වගා කරන අයත් කීර කොටු වගාකර ගෙන යන අයත් ඉන්නවා.
අප ඔබට කියන්නේ විශේෂයෙන්ම පාදවල සුලු හෝ තුවාලයක් තිබේ නම් කුඹුරට බහින්න එපා. මඩ සහිත වතුරට බහින්න එපා. මේ මී උණ වැළදෙන්නේ මී මුත්‍රාවල බැක්ටිරියාවක් මගිනුයි.මෙම බැක්ටිරියාව පුද්ගලයෙකුගේ ඇඟට ඇතුලු උනේ නැත්නම් දවස් විස්සක් එළියේ ඉන්න පුලුවනි. කුණු ගොඩවල් ආශ්‍රිතවත් මෙම බැක්ටිරියාව තිබෙන්න පුලුවනි.
එනිසා කුඹුරු වැඩ කිරිම මඩ සහිත ඉඩම්වල වැඩ කිරිම ඒ වගේම කුණු ගොඩවල් සුද්ධ කිරිම ආදියෙන් පසු උණ ඇඟපත වේදනාව හිස කැක්කුම ආදි රෝග ලක්ෂණ තිබේනම් වහාම සුදුසකම් ලත් වෛද්‍යවරයෙකු හමුවන්න.නිසි වේලාවට ප්‍රතිකාර ගත්තොත් රෝගය සුව කර ගැනිමට පුලුවනි.