අකුණුසැර වැදීමෙන් පුද්ගලයෙකු සහ ගවයින් 7 දෙනෙකු මරුට

ගිගුරුම් සහිත වර්ෂාවත් සමග ඇති වූ අකුණු ප්‍රහාර හේතුවෙන් තරුණයෙකු සහ ගවයින් 7 දෙනෙකු මියගොස් තිබේ.

බලංගොඩ, ගොඩකුඹුර ප්‍රදේශයේ නිවසේ සිටියදී මෙලෙස අකුණු සැර වැදීමෙන් මියගොස් ඇත්තේ 18 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමේදී ජිවිතක්ෂයට පත්වූ බව පොලීසිය පවසයි.

මේ අතර බිබිල, මැදගම අලංමුල්ල ප්‍රදේශයට ඊයේ (24) පස්වරුවේ ඇඳහැළුණු අධික වර්ෂාවත් සමග ඇතිවූ අකුණු හේතුවෙන් ගවයින් 7 දෙනෙකු මියගොස් තිබේ.

විශේෂයෙන් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු වළක්වා ගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

Werzuo Digital

Leave a Reply