කහටගස්දිගිලිය නෙකුටවැව ප්‍රදේශයේදී අවුරුදු ක්‍රීඩා කරමින් සිටියදී අසළ පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් දරුවෙකු මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ කහටගස්දිගිලිය නෙකුටවැව පදිංචි 16 හැවිදිරි වියේ පසුවූ ළමයෙකි.
තවත් ළමුන් පිරිසක් සමග නිවස ආසන්නයේ අවුරුදු ක්‍රීඩා කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ එම අනාරක්ෂිත ළිඳේ ජලය පිරී තිබී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෘතදේහය කහටලස්දිගිලිය රෝහලේ තැම්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.